බුද්ධ දේශණාව

"මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්න, අර්‍ය මෛත්‍රි භාවනාව දන්න, දෙවියන් සහිත, මරුන් සහිත , බඹුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත  ලෝකයෙහි තව කිසිවෙක් නැහැ"

ත්‍රිලක්‍ෂණය හරියට දැනගමු PDF Print
Monday, 12 April 2010 00:00

බෞද්ධයකුගේ එකම ප්‍රාර්ථනාව නිවන් මග අවබෝධ කරගැනීමයි. ඊට ඉස්සෙල්ලා දැනගන්න අවශ්‍ය ඇයි අපි නිවන් දකින්න ඕන කියන එක. අද ඕකට ලෝක සම්මතයේ ඉන්න බෞද්ධයා දෙන උත්තරය තමයි "මේ ලෝකෙ සියළු දේ දුකයි, මේ සියළු දේ අතහැරීමෙන් නිවන් දකින්න ඕන" කියන එක. හ්ම්ම්, එතකොට අහන කෙනාට හිතනෙවා මූට පිස්සුද මේ පෙනි පෙනි තියෙන සැප නැහැ කියන්නෙ කියලා.

එතකොට මේ බුදුපියාණන්වහන්සේ දැක්ක දුක මොකද්ද?  මේ  "මහළු වීම", "මරණයට පත්වීම", "අකැමති අය සමග එක් වීම" , "ලෙඩවීම" ආදි අපි එදිනෙදා විඳින, ඕනම කෙනෙකුට තේරුම් යන දුක ගැන කියන්නද උන්වහන්සේ අප්‍රමාණ කාලයක් පෙරුම් පුරාගෙන ඇවිත් මේ ලෝකෙට දේශණා කලේ.

ඒ උතුම් වූ සර්වඥ ඤාණයට පමණක් ගෝචර (පසුව ශ්‍රාවක ගෝචර) වූ, කිසිම අන්‍ය සාස්තෘන්වහන්සේලාගෙන් දැනගත නොහැකි මේ ලෝකෙ අසාර බව, අනාථ බව අවබෝධ කල හැකි මුළු අසුහාරදාහක් ධර්මස්කන්ධයම කැටිවු වූ ත්‍රිලක්‍ෂණය හඳුනාගමු.


 

ඔබේ අදහස්
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.

Please login to post comments or replies.
 
RocketTheme Joomla Templates