Tuesday, 04 May 2010 00:00 |
දම්සක් පැවතුම් සූත්‍රයට අනුව ජාති දුක, ජරා දුක, මරණ දුක ආදි පෙන්වන දුක්, බුදුපියාණන්වහන්සේ "පෙර නොඇසූ විරූ දහමක් (පුබ්බෙ අනනුස්සුතේසු ධම්මේසු)" යයි ගෙන හැර දැක්වූයේ ඇයි. අන්‍යාගමික හෝ බුද්ධශාසනයෙන් පිට ඉන්න කෙනෙක්ගෙන් ඇහුවොත් (ඕනම පොඩි එකෙක් පවා) "ඔබට මරණයට පත්වීම, එසේ නොමැතිනම් වයසට යාම දුකක්ද සැපක්ද" කියා ඇහුවොත් කුමක් කියයිද? අනිවාරයයෙන් කියයි... "සැපක් කොහෙද දුකක් මිසක්" ඉතින් මේ හීනවූ, ග්‍රාම්‍ය වූ , පෘථක්ජනවූ , අනාර්යවූ අයටත් තේරෙන දුකක් ගැන කියන්නද බුදුපියාණන්වහන්සේ අනන්ත සංසාරේ පාරමිතා පුරාගෙන ආවේ ?..
අනික මේ "දුක" සූත්‍රයේ තිබ්බ පලියට .. පොතේ තිබ්බ පලියට.. කටපාඩම් කරගත්ත පලියට... අපිට ඒ බුදුපියාණන් පෙන්නා දුන් "දුක පිළිබඳ ඥාණය (දුක්ඛේ ඥාණං), දුක ඇතිවීම පිළිබඳ ඥාණය (දුක්ඛ සමුදය ඥාණං), දුක නැති කිරීම පිළිබඳ ඥාණය (දුක්ඛ නිරෝධ ඥාණං), දුක නැතිකිරීමේ මාර්ගය පිළිබඳ ඥාණය (දුක්ඛ නිරෝධගාමිණි පටිපදා ඥාණං)" ලැබෙනවාද..
සාවධානයෙන් මේ වටිනා දහම් දෙසුමට සවන් දෙමු... ගැටය ලෙහා ගමු.

|
Monday, 12 April 2010 00:00 |
බෞද්ධයකුගේ එකම ප්‍රාර්ථනාව නිවන් මග අවබෝධ කරගැනීමයි. ඊට ඉස්සෙල්ලා දැනගන්න අවශ්‍ය ඇයි අපි නිවන් දකින්න ඕන කියන එක. අද ඕකට ලෝක සම්මතයේ ඉන්න බෞද්ධයා දෙන උත්තරය තමයි "මේ ලෝකෙ සියළු දේ දුකයි, මේ සියළු දේ අතහැරීමෙන් නිවන් දකින්න ඕන" කියන එක. හ්ම්ම්, එතකොට අහන කෙනාට හිතනෙවා මූට පිස්සුද මේ පෙනි පෙනි තියෙන සැප නැහැ කියන්නෙ කියලා.
එතකොට මේ බුදුපියාණන්වහන්සේ දැක්ක දුක මොකද්ද? මේ "මහළු වීම", "මරණයට පත්වීම", "අකැමති අය සමග එක් වීම" , "ලෙඩවීම" ආදි අපි එදිනෙදා විඳින, ඕනම කෙනෙකුට තේරුම් යන දුක ගැන කියන්නද උන්වහන්සේ අප්‍රමාණ කාලයක් පෙරුම් පුරාගෙන ඇවිත් මේ ලෝකෙට දේශණා කලේ.
ඒ උතුම් වූ සර්වඥ ඤාණයට පමණක් ගෝචර (පසුව ශ්‍රාවක ගෝචර) වූ, කිසිම අන්‍ය සාස්තෘන්වහන්සේලාගෙන් දැනගත නොහැකි මේ ලෝකෙ අසාර බව, අනාථ බව අවබෝධ කල හැකි මුළු අසුහාරදාහක් ධර්මස්කන්ධයම කැටිවු වූ ත්රිලක්ෂණය හඳුනාගමු.

|
Monday, 05 April 2010 00:00 |
සිදුහත් කුමාර අවධියේදී අප මහා බෝසතණාන් වහන්සේට මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක් දකින්නට ඉඩක් නොලැබුනේ කෙසේද යන්න බොහෝ දෙනාගේ විමසිලිමත් මනසට නැගෙන ගැටලුවකි. උදාහරණයක් ලෙස මහාමායා දේවියගේ නැත්නම් සිදුහත් කුමරුගේ මවගේ මරණය පිලිබදව ඔහු නොදැන සිටින්නට ඇත්ද? දිනෙන් දින වයස්ගත වන තම පියාවන සුද්ධෝදන රජු කුමරුන් නොදුටුවේද? නැතහොත් සිදුහත් කුමරුට හෙම්බිරිස්සාවක්වත් සෑදි නැද්ද?
අප මහා බෝසතාණන් වහන්සේ දුටුව ආකාරයට යථාර්තවාදිව සතර පෙරනිමිති දැක අපිත් ආර්ය මාර්ගයට යොමුවීමට මේ ධර්ම දේශණාව අසමු.

|
Wednesday, 10 March 2010 14:01 |
පංච උපාදාන ස්කන්ධය අනිච්ඡ දුක්ඛ අනත්ථ වශයෙන් දැනගන්නෙ කොහොමද ? හොඳ ප්‍රශ්ණයක්. ඊට ඉස්සෙල්ලා අපි දන්නවද මොනවද මේ පංච උපාදාන ස්කන්ධ කියන්නෙ කියලා. නිකන්ම රූපයක් ඇහෙන් බැලුවම ඒක උපාදාන ස්කන්ධයක් වෙනවද ? ධර්මානූකූලව දැනගමු. මේ මනරම් ධර්මදේශණාවට සවන් දෙමු.

|
|
|
|
<< Start < Prev 1 2 3 4 Next > End >>
|
Page 3 of 4 |